මේ ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අවසානයේදී චිතගොං වැසියන් උද්ඝෝෂනය කරනවා. ඒ වෙලාවේ තමයි හමුදාව ඔවුන්ට පහර දෙන්නේ. දැන් මේ වෙද්ද් එම ප්‍රහාරවලට ගොදුරුව තිදෙනකු මිය ගිහින්. තවත් 30 කට වඩා වැඩි පිරිසක් රෝහල් ගතවී ප්‍රතිකාර ලබනවා.
චිතගොංහි වෙසෙන බෞද්ධ ජනතාව පැවත එන්නේ බුදුන්ගේ ලේ ඥාතියකු වන අමිතෝදන පරපුරෙන්. මේ රජතුමා රෝහණ නදියේ ජලය සම්බන්ධව ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ගැටුම් ඇති වුණ වෙලාවේ තමන්ට ජලය වෙනුවෙන් යුද්ධ කළ නොහැක බව පවසා එම දේශය අතැර මගධයේ කෙරවළට එනවා. එසේ පැමිණි පිරිස එහි ගොවිතැන් කරමින් ජීවත් වෙනවා. ඔවුන් එහෙම එන්නේ බුදුන් වහන්සේ ඉදිරියේ ලේ වගුරවා ගන්නට තිබූ අකමැත්ත නිසා.
මේ පරම්පරාව තමයි චිතගොං හි ජීවත් වෙන්නේ. ඒත් ඉන්දියාවෙන් මේ පළාත වෙන්වී පකිස්ථානය වශයෙනුත්, එයින් පසුව පකිස්ථානයෙන් කොටසක් කැඩී බංගලාදේශය බිහිවීමත් සමගම, බෞද්ධ උරුමයට හානි සිදු වෙන්න පටන් ගත්තා. ඒ පරපුරට සම්බන්ධ වෙහෙර විහාරස්ථාවලට ප්‍රහාර එල්ල වුණා. අන්තිමේදී මේ පිරිස චිතගොං කදුරයට පමණක් සීමා වුණා.
දැන් ඒ ප්‍රදේශයේ නිදහසේ ඉන්නත් ඔවුන් ඉඩක් නැහැ.
කොහොම හරි මේ නිසාම අපේ රටේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උප කුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්විමීන් වහන්සේ, අනුර කුමාර දිසානායක ජනපතිවරයාට ලිපියක් ලියා ඉල්ලන්නේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් ලබා දී මේ බෞද්ධ සංහාරය නවතා දැමිමට ක්‍රියා කළ යුතු බවයි. එමෙන්ම බෞද්ධ පූජනීය ස්ථාන සුරක්ෂිත කර දෙන ලෙසයි.